Ad Code

Responsive Advertisement

What is Auction Style and Fixed Price?

Part 08



    ඔයාලා දැකලා ඇති
eBay එකට ගියාම සමහර item buy it  now කියලත්, සමහර ඒවා bid now කියලත් තියෙනවා.


Auction Style

    කෙටියෙන් සරලව කිව්වොත් Auction style කියන්නේ bid වෙන්න දාන එකට.Bid කියලා කිව්වේ වෙන්දේසියට. මේකෙදි category දාන්න බෑ. මේකෙදි අපිට bid එක පටන් ගන්න ඕනේ ගාන එහෙම දාන්න පුලුවන්. මේකෙදි buy it now price එකක් දාන්නත් පුලුවන්න්. උදාහරණයක් විදිහට හිතන්න, අපි දානවා $0.99 පටන් අරගෙන bid කරන්න item එකක්. ඒ item එක $5ක් $6ක් විතර bid වෙනකොට අපිට $7 වගේ buy it now price එකක් දාන්න පුලුවන්. එතකොට $7ක් වුණ ගමන් bid එක නතර වෙනවා. ඊට අමතරව customer ට පුලුවන් bid නොකර කෙලින්ම $7ක් ගෙවලා item එක buy කරන්න.


    මේකෙදි ඔයාට item එක ඉක්මට විකුණගන්න පුලුවන්. දවස් 5කින් 6කින් විතර. ඔයාට ඊට කලින්, ඒ කිව්වේ දවස් 1කින් 2කින් විතර විකුණගන්න ඕනේ නම් පොඩි fee එකක් ගෙවන්න වෙනවා.


    ඒ වගේම ඔයාට, ඔයා hobby එකක් විදිහට එකතු කරපු පරණ coins එහෙම මේකෙදි හොද ගානකට විකුණ ගන්න පුලුවන්. මොකද මේ auction style එකේදි ඒ වගේ item ලොකු ගානකට bid වෙන අවස්තා ඕන තරම් තියෙනවා.


    මේ method එක ඔයාගේ store එකට traffic, views, watches එහෙම ගෙන්න ගන්න හොදම method එකක්.


    මේකෙදි තියෙන පොඩි අවුලක් තමා payment issue එක. ගොඩක් customers ලා item වලට bid කලාට pay කල් යනවා. අන්න  ඒ වගේ වෙලාවට ඔයාට පුලුවන් buyer pay කරනවද නැද්ද කියලා දවස් 4ක් 5ක් විතර ඉවසලා ඉදලා payment case එකක් open කරන්න. ඒ වගේම shipping issues එනවා මේ method එකේදි. ඒ කියන්නේ buyer අහනවා ship කරන්න late මොකද?, item එක ලැබෙන්න late මොකද ඔය වගේ ප්‍රශ්න.



Fixed Price

    Fixed price එකේදි වෙන්නේ මෙන්න ගාන ගනින් කියලා setup කරන එකට. මේකෙදි අපිට එක එක variation දාන්න පුලුවන්. ඒ කිව්වේ item එකේ පාට, size එක ඔය වගේ ඒවා.


මේකෙදි ඔයාට පුලුවන් stock එකක් maintain කරන්න. Item එකේ ඉදලා item 100, 200 හෝ ඊට වැඩියෙන් උනත් පුලුවන්. ඒ වගේම stock ඉවරනම් sold out කියලා ඔයාට label කරන්න පුලුවන්. ඔයාට මේකෙදි prices mark down කරන්න පුලුවන්. උදාහරණයක් විදිහට ඔයා හිතන්න pen drive එකක් විකුණනවා කියලා. අන්න එතකොට එක එක storage තියෙන pen drive වලට වෙන වෙනම price mark කරන්න පුලුවන්. ඒ වගේම මේකෙදි ඔයාට offers දන්නත් පුලුවන්. ඒ කියන්නේ item 5ක් ගත්තොත් 1ක් free වගේම 5%ක්, 10%ක් off වගේ offers දාන්න පුලුවන් මේ fixed price method එකේදි.


    මේකෙදි auction style එකේ වගේ payment issue එන්නේ නෑ. මොකද කෙලින්ම item එක buy කරනකොටම ඔයාට paypal එකට සල්ලි එනවා.


    මේකෙදි ඔයාට item list කරන්න දීල තියෙන limit ගාන ඉවර උනාම $0.25 ගෙවන්න වෙනවා නැවත් item list කරනවනම්, limit වැඩි නොකර. මෙහෙම ගෙවලා list කලොත් හැම මාසේ අගටම මේ fee එක add වෙනවා.


    Fixed price එකේදි buyer ට ඔයාගේ item එක දැකල පස්සේ වෙලාවක ගන්නවා කියලා හිතාන item එක save කරලා තියාගෙන හිටියට ඒක සමහර විට අමතක වෙන්න පුලුවන්. ඒත් auction style එකේදි buyer හැම තිස්සේම alert එකේ ඉන්නේ item ගැන. අන්න ඒ හින්දා උඩ කිව්වා වගේ item එකට views, watches එහෙම එනවා.




  • ඔන්න ඔව්වා ගැන පොඩ්ඩක් හිතලා ඔයා item list කරන්න කැමති method එකක් select කරගන්න. හැබැයි ඉතින් හොදම method එක තමා auction method එක. මොකද ඔයාගේ item එකට හොද traffic එකක් generate කරගන්න පුලුවන්. ඒ වගේම auction through ම fixed format එකේ item sell කරන්න පුලුවන්.






Part 07<<<<<<<<<<                                        >>>>>>>>>>Part 09


Reactions

Post a Comment

0 Comments

Close Menu