Ad Code

Responsive Advertisement

How to Increase Selling Limit?

 Part 10




    eBay drop shipping කරනකොට මූණ දෙන ලොකුම ප්‍රශ්නයක් තමයි selling limit වෙන එක. අලුතින්ම eBay එකේ sell කරනකොට උඹට ඉස්සෙල්ලම list කරන්න පුලුවන් item 10 යි. මෙතන item 10 limit එක වෙන්නේ මසෙකටවත්, එක item එකකින් quantity  10ක් වත් නෙවේ. ගොඩ දෙනෙක් මේක වැරදියට තමා තේරුම් ගන්නේ. 

 

    කොටින්ම කිව්වොත් ඒක එහෙම නෑ. මෙහෙම හිත්න්න. ඔයා එක item එකකින් 3ක් එක සැරේ list කලා කියලා හිතන්න. ඒ කියන්නේ අර list කරන්න දීලා තියෙන item 10න් 3ක් ඉවරයි කියන එක. ඇත්තටම මෙතන item 10ක් list කරන්න දුන්නට ඔයාට list කරන්න පුලුවන් item 9යි.

 

    ඉතින් ඒ හින්දා අපිට මේ item 10 යෙන් ලොකු වැඩක් කරන්න බෑ. අන්න ඒ හින්දා අපිට selling limit එක අයින් කරගන්න වෙනවා. ඒක කරන්නේ කෝමද්ද?

 

    ඉස්සෙල්ලාම ඔයා item 10 ය full කරගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ ඉතින් selling limit එක වැඩි කරගන්න request කරන එක තමා කරන්න තියෙන්නේ. ඒක කරන්න ක්‍රම දෙකක් තියෙනවා.

1) eBay එකේ agent කෙනෙක්ට call එකක් අරගෙන.

2)  eBay එකේ agent කෙනෙක් එක්ක chat කරලා.



 

call එකක් අරගෙන කොහොමද selling limit වැඩි කරගන්නේ? 

  • මේකේදි අපිට eBay agent කෙනෙක් එක්ක call කරන්න පුලුවන්.
  • eBay එකේ phone number එක google කරලා අපිට හොයා ගන්න පුලුවන්.
  • Call එකක් ගත්තාම ඔයාගෙන් pass code එක අහනවා.(request to selling limit කියලා සිටෙ එකේ තියෙනවා ඒක click කරාම ඔයාට ඒ pass code එක හම්බෙනවා.)
  • ඊට පස්සේ call කරපු හේතුව අහනවා. එතනදි selling limit වැඩි කරගන්න කියලා කියන්න.





  eBay එකේ agent කෙනෙක්එක්ක chat කරනවනම් 

  • ebay.co.uk කියන link එකෙන් ගිහින් 8.00 am to 10.00 pm වේලාවඅතර eBay එකේ agent කෙනෙක් එක්ක chat කරන්න පුලුවන්. මේ වෙලාව කිව්වේ ලoකාවේ වෙලාවෙන් නෙවේ USවෙලාවෙන්.ඒ කියන්න්ව්ව් අපිට රෑ හරි පාන්දර හරි තමා.


ඔය විදිහට selling limit එක වැඩි කරගන්න පුලුවන්. මේ විදිහට selling limit වැඩි කරගත්තාම ඔයාට item 60ක් list කරන්න පුලුවන්. ඒ වගේම monthly allowance එක $2500 වෙනකන් වැඩි කරනවා. තමන්ට sell කරන්න පුලුවන් ඇති හැකියාව මත මේක තව වැඩි කර ගන්න පුලුවන්.



Part 09<<<<<<<<<<

Reactions

Post a Comment

1 Comments

Close Menu